Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 18
959
Views
ඒ නිසා වෙන්න ඇති එයාගේ ලොකු නිහැඩියාවක් දැනෙන්නේ..."

" අපි දෙන්නා අඹු සැමියන් විදියටත් රඟපෑවා.."

බිමල් ජයකොඩි රඟපෑ “ටවුමේ ඉස්කෝ‍ලේ” චිත්‍රපටය මීට කලින් තිරගත වුණා. මීළඟට තිරගත වීමට නියමිත “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටයේත් ප්‍රධාන භූමිකාවට පණ ‍පොවන්නේ බිමල්. සිනමා තිරයේ වගේම පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන බිමල් ගැනයි මේ.

ටවුමේ ඉස්කෝ‍ලේ ඉවරවුණු හැටියේම ඔබ ආයේමත් “දැකලා පුරුදු කෙනෙක්” හරහා ප්‍රේක්ෂකයන් අතරට එන්නයි නේද සූදානම.
ඔව්. මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ නලින් භූපති පිටපත ලියූ “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටය 8 වැනිදා ඉඳන් සිනමාහල්වල තිරගත වෙනවා. වෙනස්ම ආරක තේමාවලින් යුතු මේ චිත්‍රපටය  තිරගත වන්නටත් පෙර ඇගයීම් රැසක් ලැබූ චිත්‍රපටයක්.

මොනවද ඒ ඇගයීම් ....?
මෙය විදෙස් උළෙලවල් රැසක් නියෝජනය කළා. සරසවි සම්මාන උළෙලෙදී මලිත්ට මතු බලා‍පොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය පවා හිමිවුණා. ඊට අමතරව මේ චිත්‍රපටයට “ලෙස්ටර් ජේම්ස් පීරිස්” අනුස්මරණ සම්මානයත් හිමි වී තිබෙනවා.

බිමල් දැන් සිනමාවට පමණක්ද රංගනයෙන් දායක වෙන්නේ ... ?
නෑ.... එහෙම තීරණයක් නෑ. නමුත් පසුගිය දවස්වල සම්බන්ධ වුණේ චිත්‍රපට වලට පමණයි. ඒ වුණත් සුදත් දේවප්‍රියගේ අලුත්ම ටෙලි නාට්‍යයකත් මම රඟපෑවා.

ඔබේ බිරිඳ සුජානි දැන් රඟපෑම සීමා කරලාද?
සුජානි පුංචිම කා‍ලේ ඉඳන් රඟපෑ නිළියක්. හැම විදියෙම චරිත ඇය රඟපාලා තියෙනවා. ඒ නිසා දැන් ඇය තෝරා බේරාගෙන විතරයි රඟපාන්නේ. ඒ නිසා වෙන්න ඇති ඇගේ ලොකු නිහැඩියාවක් දැනෙන්නේ.

නමුත් ඔබ දෙදෙනා පසුගිය දවස්වල එකම නිර්මාණයක රඟපෑවා නේද?
ඔව්. එක ටෙලි නාට්‍යක අපි දෙන්නා අඹු සැමියන් විදියට රඟපෑවා.

සුජානිගේ රංගන දිවියට බිමල්ගේ බලපෑමක් තියෙනවාද?
කිසිම බලපෑමක් නැහැ. ඒත් සුජානි කැමති ගෙදරට වෙලා ගේ දොර කටයුතු කරගෙන ඉන්න.

ආරියවංශ කුලතිලක
ලක්බිම 



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top