Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 14
2,359
Views
මම නෝනාගේ මූණ අල්ලලා බිත්තියේ ගැහැව්වා, නෝනා කෙඳිරි ගෑවා
 
දෙබොක්කාවට ඇදගෙන ගිහින් අතවර කළා
 
 
අපරාධයක් සිදු කොට කිසිදා සැඟව සිටිය නොහැකියි. එය පසුගියදා යළිත් තහවුරු කිරීමට පොලීසිය සමත් වුණා. ඒ වරලත් ගණාකාධිකාරිවරිය අබිරහස් ලෙස මරා දමා සැඟව සිටි ඝාතකයා පැය විසිහතරක් යන්නටද මත්තෙන් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
 
ඝාතනයට ලක් වූයේ හෝමාගම වලව්ලවත්තේ විජය මාවතේ අංක 42 හි පදිංචිව සිටි ශ්‍රීමා තිලානි වර්ණකුල නම් හතළිස් හැවිරිදි කාන්තාවක්. ඇය එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ද වරලත් ගණකාධිකාරීවරයෙක්.
 
කොට්ටාව - මාකුඹුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක හිමිකාරිය වූයේද ඇයයි. ඇය එම ආයතනය තුළ පන්ති පවත්වාගෙන ගියා. උදෑසන පවත්වාගෙන ගිය පන්ති රාත්‍රී හතට පමණ අවසන් වීමත් සමඟ ගොඩනැගිල්ලේ පහළ ඇති දොර වැසීම සඳහා පහළට යාම ඇගේ සුපුරුදු රාජකාරිය වුණා.

එම දොර වසා දැමීමෙන් පසු ආයතනයේ ඉදිරිපස දොරද වසා දමා ඇය පිටව යනවා. ඇගේ සහයට සිටියේ වයසක මුරකරුවකු පමණයි. ඔහු මෙම ආයතනයට ඉදිරිපස ඇති ඉන්ධන පිරවුම්හලක සේවය කරන අතර රාත්‍රීයේ ආයතනය වසා දැමීමමට තිලානි නෝනාටද උදව් කරනවා.
 
ඉකුත් හතර වැනිදා රාත්‍රියේදී ආයතනයේ දොරටුව වසා දැමීමට තිලානි යද්දි මහළු මුරකරු ද එම ස්ථානයට පැමිණ සිටියා.
 
“මම ගිහින් පහළ දොර වහලා එන්නම්...“
 
එසේ කියමින් පහළට ගිය තිලානි නෝනා විනාඩි හතළිහක් පමණ යනතුරු උඩට නොපැමිණිම ගැන සැක කළ මුරකරුද ආයතනයේ පහළට යන්නේ තිලානිට කුමක් සිදුව ඇත්දැයි බලන්නටයි. එහිදී තිලානිව දැකගැනීමට හැකි වී නැහැ. පසුව ඔහු දැක ඇත්තේ තිලානි ආයතනයේ බිත්තියත් මායිම් තාප්පයත් අතර වැටී සිටින අයුරුයි. ඇගේ යටි කය නිරුවත්. ඉන් බියට පත් වූ මුරකරු කෙළින්ම දිව ඇත්තේ පැට්‍රල් ෂෙඩ් එක වෙතයි.
 
“මහත්තයා.... අර ඉස්සරහ ඉන්න තිලානි නෝනව...“
 
ඔහු එම සිද්ධිය ෂෙඩ් එකේ හිමිකරුට පැවසීමත් සමඟ හිමිකරු මේ පිළිබඳ කොට්ටාව පොලීසියට දැනුම් දුන්නා. ඊට අමතරව 1990 කතා කොට ගිලන් රථ සේවාවට ද දැනුම් දෙනු ලැබුවා.
 
කොට්ටාව පොලිස් ස්ථානාධිපති හා අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ මාකුඹුර ප්‍රදේශයට යන්නේ ඉන් අනතුරුවයි. ඒ පසුගිය හතරවැනිදා රාත්‍රී 8යි පනස් පහට පමණ. පොලීසිය යන විටත් ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ තිබුණා. වෛද්‍ය නිලධාරියෙක් පැවසුවේ වැටී සිටි ඇයගේ සිරුරේ රස්නය තවමත් ඇති බවයි.
 
ඒ අනුව පොලිස් නිලධාරින් හා වෛද්‍ය සේවකයින් ඇය ඔසවා ගිලන් රියට දමා ගන්නට කටයුතු කළා. ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම රුධිරයෙන් නැහැවී තිබූ අතර මුහුණ ද දැඩි ලෙස විකෘති කර දමා තිබුණා. ඇය ප්‍රතිකාර සඳහා රැගෙන යාමත් සමඟ පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
 
අදාළ ස්ථානය කිසිවකු ඇතුළු වීමට නොහැකි වන සේ ආරක්ෂක පටි යෙදූ පොලීසිය ඇගේ මරණය පිළිබඳ ව අධිකරණයට දැනුම් දීමක් කරනු ලැබුවා. පසුව ආරංචි වූයේ රෝහලට ඇතුළත් කළ තිලානි මිය ගිය බවයි.
 
ඇගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබුවේ හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මහත්මියයි. අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. රවින්ද්‍රන් මහතා අනාවරණය කර ඇත්තේ මුහුණේ ඇති වුණු බරපතල තුවාල හේතුවෙන් නාසයෙන් හා මුඛයෙන් වකුගඩුවලට හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට හානි වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. පසුව සිරුර ඇගේ සැමියා වෙත භාර කෙරුණා.
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූණේ ඉන් පසුවයි. සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ නිලධාරින්ට පිටුපස දොර අසළ වැටී තිබූ දොර ඉබ්බන් දෙකක්ද ඇය සතුව තිබූ කුඩයක්ද සොයා ගත හැකි වුණා. ඒ අනුව නිලධාරින් විශ්වාස කළේ සිද්ධිය වුණු මොහොතේ යම් තරමක වරුසාවක් පැවතෙන්නට ඇති බවයි. ඊට අමතරව ඒ අසළ තාප්පයේ අඩි දෙකක පමණ දුරට විහිදී ගිය රුධිර කොටස් දකින්නට ලැබුණා.
 
විමර්ශන ඇරඹූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙවැන්නක්.
 
“අපි මේ ගැන විමර්ශන ඇරඹුවත් කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. ඒත් මිය ගිය කාන්තාවගේ මුහුණ දැඩි ලෙස චප්ප කරලා තිබෙන බව තේරුණා. මුහුණට මුහුණ පහර දුන්නා නම් ඒ පහර ඒ පහරදීමට උපයෝගී කරගත් ආයුධයක් ගලක් හෝ මුගුරක් ඒ අවට තියෙන්න ඕන. ඒත් එහෙම දෙයක් හම්බුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා ඝාතකයා මේ කාන්තාවගේ මුහුණ ඒ අසළ බිත්තියේ ගහලා තියනවා. බිත්තියේ තිබුණූ ලොකු ලේ පැල්ලම් ඒකට හොඳ සාක්ෂියක්...“
 
“මේ ආයතනය අසළම ගරාජයක් තිබෙනවා. ඒකේ තියෙනවා මේ ආයතනය පැත්තටම හැරවුණු සීසීටීවී කැමරාවක්. ඒ නිසා අපි ඒ ගරාජයේ හිමිකරු කැඳවලා එයා සමඟ ගිහින් ඒ කැමරාව පරීක්ෂා කළා. පස්සේ අපිට වැටහුණා මේ කැමරාවේ විදුලිය පෙරදින රාත්‍රීයේ අක්‍රිය කරලා කියලා..“
 
“එතනදි අපිට සැකයක් ආවා. මොකටද එහෙම දෙයක් කළේ කියලා. ඒ නිසා අපි ගරාජ් හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා...“
 
එසේ ප්‍රකාශ සටහන් කරගැනීමේදී ඔහුගෙන් අනාවරණය වී ඇත්තේ ගරාජයේ සේවකයන් තිදෙනෙකු සිටින බවත් ඉන් කෙනෙකු රාත්‍රී කාලයේ ගරාජයේ නතරව සිටින බවයි. පෙර දින රාත්‍රීයේදී එම පුද්ගලයා ගරාජයේ නතර වී සිටි බවත් ඒත් ඔහු ඒ වනවිට ආගිය අතක් නැති බවත් ගරාජ් හිමිකරු පොලීසිය හමුවේ කියා සිටියා.
 
මේ අනුව පොලිස් නිලධාරින්ගේ සැකය කෙළින්ම එල්ල වූයේ ඔහු වෙතයි. සැමදා රාත්‍රී කාලයේ ගරාජයේ නතර වෙන ඔහු පෙරදා රාත්‍රීයේ සිට අතුරුදහන් වීමත් කැමරාවේ විදුලිය විසන්ධි කිරීමත් නිසා එම සැකයේම එලබ ගත් නිලධාරින් ඊළඟට ඒ අවට හා ඊට යාබදව ඇති සිසිටීවි කැමරාද පරීක්ෂා කරනු ලැබුවා.
 
කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරායා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා.
 
“ඒ කැමරාවේ අපැහැදිලි රූප සටහන් මඟින් අපිට ඒ පුද්ගලයා හඳුනාගන්න හැකිවුණා. ඒ මනුස්සයා පාරේ යන ගමන් ඒ කැමරාව දිහා බලලා ඒකත් ඕෆ් කරන්න බලන ආකාරය පෙණුනා. ඉන් පස්සේ අපි ආයෙත් ගරාජ් හිමිකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත්තා. අපිට ඕන වුණා මේ පුද්ගලයා ඉක්මනින් හොයාගන්න...“
 
“ඔය අතරේ තමයි අපි දැනගත්තේ මිනිහගේ ගෙවල් රත්නපුරේ කියලා. මිනිහගේ අක්කගේ ගෙයක් ඇඹිලිපිටියෙත් තියනවා කියලාත් අපි හොයාගත්තා. අපි කණ්ඩායම් දෙකක් හදගෙන මුලින් රත්නපුරේ ඒ මනුස්සයාගේ ගේ ළඟට ගියා. එක කණ්ඩායමක් රත්නපුරේ තියලා මම කියනකම් ගේ ඇතුළට යන්න එපා කියලා අපි ඇඹිලිපිටියට ගියා. රත්තනපුරේ ඉඳන් ඇඹිලිපිටියට කිලෝමීටර 76ක් විතර තියනවා. අපි ඇඹිලිපිටියට ගිහින් රත්තනපුරේ ඉන්න අපේ නිලධාරින්ට දැනුම් දුන්නා කණ්ඩායම් දෙකම එකපාරට ගෙවල් දෙකට ඇතුළු වෙමු කියලා. මම එහෙම කළේ අපි මූලින් රත්නපුරේ ගෙදරට එකපාරම ගිහින් චෙක් කළොත් මූ එහෙ නැති වුණොත් අපි ඇඹිලිපිටිවට යනකොට අපි යන්න කලින්ම අපි ආපු බව එහේ අය දැනගන්න නිසා, එතකොට මූට හැංඟෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කණ්ඩායම් දෙකම එකපාරම පැන්නේ. මිනිහා ඇඹිලිපිටිය ගෙදරදී මාට්ටු වුණා. පස්සේ අපි මිනිහව කොට්ටාවේ පොලීසියට ගෙනත් ප්‍රශ්න කළා...“
 
සැකකරුට අවුරුදු විසි එකක්. රත්නපුරේ පදිංචිකරුවෙක්. ගරාජයේ සේවයට පැමිණ වසර තුනක් ගත වනවා. කාන්තාවන්ට දැඩි ඇල්මක් දැක් වූ ඔහුට එරෙහිව රත්නපුර අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතිනවා. ඒ තරුණියක් දූෂණය කිරීම හේතුවෙන්. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පැවසුවේ මෙවැන්නක්.
 
“එදා මම යාළුවෙක් එක්ක අරක්කු බිව්වා. බීලා මම කෑම කන්න කඩයට ආවා. එතකොට මම දැක්කා නෝනා ඉන්නවා. මම නෝනා ගැන ආස හිතුණා. මම ගරාජයට ගිහින් සිසීටීවි කැමරාවේ ස්විච් එක ඕෆ් කළා. පාරේ අනිත් පැත්තේ එකත් ඕෆ් කරන්න ගියා. පස්සේ මම එතන පහළට ගියා. නෝනා දොර වහන්න ආවා. ඒත් එක්කම මම එයාව තල්ලු කළා. නෝනා බිම වැටුණා. පස්සේ මම නෝනාගේ මූණ අල්ලලා බිත්තියේ ගැහැව්වා. නෝනා කෙඳිරි ගෑවා. පස්සේ ආයෙත් මූණ බිත්තියේ ගැහැව්වා. නෝනා වැටුණ තැන ටිකක් එළිය තියනවා. ඒ නිසා නෝනව ඇදගෙන තාප්පයේ දෙබොක්කාවට අරන් ගියා....“
 
එලෙස දෙබොක්කාවට ඇදගෙන ගොස් ඇයට අතවර කරමින් සිටියදී උඩහ සිට පහළට එන මුරකරුගේ ශබ්දය සැකකරුට ඇසී තිබෙනවා. මුරකරු දකිවී යන බිය නිසා ඔහු කාන්තාව අතහැර පලාගොස් තිබුණා. සැකකරුගේ හා මියගිය කාන්තාවගේ රුධිර සාම්පල හා තවත් රුධිර තරල ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා යොමු කිරීමට පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු සිද්ධිය වූ මොහොතේ ඔහු හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් ද ඇඹිලිපිටිය නිවසේ තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත් වුණා. කෙසේ වෙතත් කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ගේ දක්ෂතාවය මත 64 හැවිරිදි ශ්‍රිමා තිලානිගේ ඝාතකයා අත්අඩංගුවට ගෙන එහි සුලමුල අනාවරණය කරගැනීමට හැකි වුණා.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
-කීර්ති මෙන්ඩිස්-
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top