Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 14
1,056
Views

තාත්තාත් අම්මාත් එකිනෙකාගෙන් වෙන් වූ කල සතුටක් දැනුණ බැව් දුවෙක් කියන්නේ බොහෝ කලාතුරකිනි. ඔවුන් හැම විටම ඒ වෙන් වීම දකින්නේ ශෝචනීය අවසානයක් හෝ අවමානයක් ලෙසිනි. එහෙත් සාරා අලි ඛාන් සිය පියා සයිෆ් අලි ඛාන් මව අම්රිතා සිං ගේ දික්කසාදය දෙස බලන්නේ සුබවාදී ඇස්වලිනි.2019-02-11-ent-136

‘‘ඇත්තටම මගේ අම්මයි තාත්තයි දෙන්නා වෙනවෙනම ගත්තම බොහොම සතුටින්, සැහැල්ලූවෙන් ජීවත් වෙන දෙන්නෙක්.. ඒත් එක ගෙදර ඉඳිද්දි දෙන්නම ඉන්නෙ නොසන්සුන් මානසිකත්වයෙන් වගේම අසතුටින්.. ඒ හින්දා තමයි ඒ දෙන්නා වෙන් වෙන්න තීරණය කරන්න ඇත්තෙ.. මං දකින්නෙ ඒක හොඳ තීරණයක් විදියට.. දැන් දෙන්නම සතුටින් ඉන්නවා.. ඒ වගේම මටත් එක ගෙදර වෙනුවට ගෙවල් දෙකක්ම තියෙනවා..’’ ඇය කියන්නීය.

1995 අගෝස්තු මාසයේ උපන් සාරාගේ වයස දැන් අවුරුදු 23කි. ඇගේ පියාත් මවත් වෙන් වූයේ ඇය නව හැවිරිදිව සිටියදීය. ඒ කාලයේ නිවසේ තිබු අමිහිරි වාතාවරණය නිසාම තමාත් මල්ලීත් සිටියේ අසතුටින් බැව් ඇය පිළි ගන්නීය. තාත්තාට ඔවුන් දෙදෙනා බලන්නට නීතියෙන් අවසර නොලැබීම පිළිබඳ වේදනාව තිබුණේ වී නමුත් ගෙදර පරිසරය සාමකාමී වීම සහනයක් වූයේය.

දිගටම ඉගෙන ගත් ඇය කොළොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වි නීතිය හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තාය. ඒ කාලයේ ඇය තරබාරු වූයේ සිරුර ගැන නොසිතා අධ්‍යාපනයට පමණක් සිත යොමු කිරිම නිසාය. බර වැඩි වීම නිසාම ඇයට නොයෙකුත් රෝග තත්වයන්ට ද මුහුණ දෙන්නට සිදු වූයේය. අවසානයේදී ඇය අවුරුදු හතරක පාඨමාලා කාලය අවුරුදු තුනකින් අවසන් කර බර අඩු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළාය. දැන් ඇය බොහෝ සුන්දර යුවතියක බවට පත් වී සිටින අතර කේදර්නාත් සහ සිම්බා චිත්‍රපටි දෙක තුළින් පමණක් බොලිවුඩයේ ආකරෂණීයම නිළිය බවටත් පත් වී සිටින්නීය. තවත් චිත්‍රපටි කිහිපයක්ම ඇයට අත වනමින් සිටින බැව් විචාරකයෝ කියති.

පසු ගිය දා කොෆී විත් කරන් වැඩ සටහනට සහභාගි වූ සාරාගෙන් කරන් ජෝහාර් ඇසු එක් ප්‍රශ්නයක් වූයේ ඇය ප්‍රේම සම්බන්ධකමක් ඇති කර ගන්නට කැමති කවුරුන් සමඟ ද යන්නය.

‘‘කාර්තික් ආර්යන් සමඟ..’’ ඇය ගත් කටටම පිළිතුරු දුන්නාය.

කාන්චි, සෝනු කේ ටිටූ වැනි චිත්‍රපටි තුළින් ජනාදරයට පත් කාර්තික් සහ සාරා ඒ වන විටත් පෞද්ගලිකව දැන හැඳින සිටියේ නැත.

‘‘සාරා බොහොම ලස්සන ඒ වගේම හොඳ කෙනෙක්.. ඇගේ පියා සායිෆ් අලි ඛාන්ටත් මම හුඟාක් ගෞරව කරනවා..’’

ඇගේ එම ප්‍රකාශය ගැන විමසූ විට කාර්තික් පිළිතුරු දුන්නේ එලෙසය.

ඔවුන් දෙදෙනා එකිනෙකාට හඳුන්වා දෙන ලද්දේ සිම්බා චිත්‍රපටියේ ඇගේ සහාය නළුවා වූ රන්වීර් සිං විසින් උත්සව අවස්ථාවකදීය. එහිදී අනෙක් අයගේ සරදම්වලට ලක් වෙන්නට ද සාරාට සහ කාර්තික්ට සිදු වූයේය.

‘‘මට හිටිය එකම පෙම්වතා වීර් පහාරියා විතරමයි..’’

කාර්තික් ගැන ඇගේ අදහස් විමසද්දී සාරා පිළිතුරු දුන්නාය. ඇමතිවරයෙකු ගේ මුනුබුරෙකු වන වීර් සහ ඇය අතර පැවති සම්බන්ධය සනාථ කරන, ඔවුන් දෙදෙනා එකිනෙකාට තුරුළුව ගත් සේයා රූ 2016 දී අන්තර්ජාලයේ සැරිසැරුවේය. ඒවායින් දැක්වුණේ ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතාමත්ම ආදරය කරන බවය. ඔවුන් මුදු හුවමාරු කර ගත් බවත් ප්‍රසිද්ධ වූයේය. එහෙත් ඇය සිනමාවට පිවිසෙන්නට කලකට පෙර එම සම්බන්ධය කෙළවර වූයේය.

‘‘මට ඒ ගැන කිසිම වේදනාවක් නෑ.. මොකද අපි වෙන් වුණේ අපි දෙන්නගෙම හොඳට.. කොහොම වුණත් මෙච්චර කාලෙකට මට හිටිය එකම පෙම්වතා වීර් විතරයි.. වෙන කිසිම කෙනෙක් මගේ ජීවිතේ නෑ..’’ සාරා තව දුරටත් පැවසුවාය. මේ අතර ලව් ආජ් කල් 2 චිත්‍රපටියේ ප්‍රධාන චරිත සඳහා කාර්තික් සහ සාරා යොදා ගන්නට එහි නිෂ්පාදක ඉමිටියාස් අලි තීරණය කර ඇති බවට රාවයක් ක්ෂේත්‍රයේ පැතිරෙමින් පවතියි.

‘‘මම තවම තිර කතාව හදාරනවා.. නළුනිළියෝ ගැන තවම හිතලාවත් නෑ..’’ ඉමිටියාස් කියයි.

කෙසේ වුවත් තිරයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ගැලපෙන යුවළක් බැව් සියල්ලෝම කියති.

 

2019-02-11-ent-137

Image result for sara ali khan hot

Image result for sara ali khan hot

Related image

 Image result for sara ali khan hot


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top