Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 13
801
Views
‘‘මාගේ සොහොයුරියගේ පුතුගේ අයිතිය මා වෙනත් කිසිවෙකුට බාර නොකරමි’’ මහමායා දේවියගේ අභාවයෙන් පසුව සිද්ධාර්ථ කුමරු කිරිමව්වරුනට පුදන අවස්ථාවේ දී මහා ප්‍රජාපතී දේවිය ලෙස ඒ දෙබස මම කිව්වේ හරිම හැඟුම්බරව. ඒ දර්ශන පෙළ ඇත්තටම මාව බෙහෙවින් සංවේදී තත්ත්වයට පත් කළා’’

දුෂේනි මියුරංගි මෙලෙසින් පවසන්නේ මේ දිනවල හිරු ටි.වී. ඔස්සේ විකාශය කෙරෙන ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ ටෙලි මාලාවේ රඟන චරිතය ගැනයි. මේ විදියට හමුවන දුෂේනි ඇයගේ පුද්ගලික ජීවිතයේ අලූත්ම තොරතුරු පුවත්පතකසෙඳහන් කළේ මෙසේය.

‘දුෂේනි’ රඟපෑමට, පැමිණීම නිසා ජීවිතයේ සිදුවූ වෙනස්කම් මොනවද?

ක්ෂේත්‍රයට ඇවිත් වසර තුනක් ගත වුණා. මේ ගෙවී ගිය කාලයේදී සුබවාදී මෙන්ම අසුබවාදී දේ යන දෙකටම මුහුණ දුන්නා. අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නෙවෙයි. ඒ නිසා කලා ක්ෂේත්‍රයට ආවාම ඒ තැන ගැන සෙවුම් බැලූම් කරන්න සිදුවුණා. නුහුරු නුපුරුදු ඒ පරිසරයේ සිට ජීවිතයට අත්දැකීම් එක් කර ගත්තා. සමහර විට රඟපෑමේදී පළපුරුද්ද නැති නිසා චරිත තෝරා ගැනීමේ දී මට අරමුණක් තිබුණේ නැහැ. ඒ වගේම පුද්ගලික ජීවිතයේදීත් නොදැනුවත්කම නිසා අඩුපාඩු වෙන්න ඇති. දැන් ඒ සියලූ අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියේ හොඳ ගමනක් යාම තමයි අරමුණ.

රඟපෑමට ආවේ නැත්නම් අද මොනවගේ දෙයක් කරාවිද?

වෘත්තීය අංශයෙන් අලෙවිකරණය ගැන ලොකු උනන්දුවක් තිබුණෙ. මුලින්ම මගේ කැමැත්ත වුණේ ගුරුවරියක වීමටයි. ඉස්සර මම නිතරම අම්මට කිව්වේ මම ආසා කරන්නෙ ගුරුවරියක වෙන්න කියලයි. ඒත් ඒ අදහස මගහැරුණාම මම හිතුවෙ සමාගමක අලෙවිකරණ අංශයේ විධායිකාවක වෙනවා කියලයි.

රඟපෑමට ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම එම අංශයෙන් තමයි වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නෙ.

කොහොමද පුද්ගලික ජීවිතේ?

පුද්ගලික ජීවිතය වෙනදාටත් වඩා හරිම සුන්දරයි. මගේ කාලය මගේ වැඩවලට වෙන් කරලා ගෙවන මේ කාලයේ මම ඉන්නෙ හරිම නිදහස්වයි. අද හරි සුන්දරයි.

ඇයි පසුගිය කාලයේ එහෙම වුණේ නැද්ද?

අද මම ගෙවන දවස් ගැනයි මම කිව්වෙ. අද දවසේ මම හරි සතුටින්.

ප්‍රේමය ගැන කතා කරන්නෙ කොහොමද?

මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට අත්‍යාවශ්‍යම දේ ප්‍රේමයයි. ඒ ප්‍රේ්මයේ දී අම්මා තාත්තා සහ මල්ලිගෙන් ලැබෙන ආදරය තමයි මට වඩා වැදගත්. පිටස්තර පාර්ශ්වයක ප්‍රේමය මේ වෙලාවෙ මට ටිකක් පිළිගන්න බැරි තත්ත්වයක තියෙන්නෙ. ප්‍රේමය ඇත්තෙන්ම සුන්දරයි. ඒත් මේ වෙලාවේ ලංකර ගන්න හිතක් මට නැහැ.

ප්‍රේමයේ දී දුෂේනී ආත්මාර්ථකාමී ද?

මම එහෙම හිතන්නෙ නැහැ.

හිතට දුකක් ඇති වුණාම ? තරහක් එහෙම ආවාම, කොහොමද හැසිරෙන්නෙ?

ඒ වගේ වෙලාවට මම සීයයට සීයක්ම නෙවෙයි, සීයයට දහකට වඩා ඉවසන කෙනෙක්. ඉවසීමේ උපරිමයටම ඉවසනවා. හැබැයි ඒ අතරේ තනියම අඬන්නත් පුළුවනි. ඇත්තටම මට තරහා යනවා අඩුයි. ඒක උපතින්ම ලැබුණු ගුණයක්.

ටෙලි නාට්‍ය රංගනයට එතරම් කමැත්තක් නැහැ කියලා කියන්නෙ?

අකමැති නැහැ. මම මේ ක්ෂේත්‍රයට ආවේ ටෙලිනාට්‍ය නිසා. මාව මේ වන විට යම්කිසි පිරිසක් හඳුනාගත්තෙ ටෙලිනාට්‍ය නිසා. ඒත් අද වන විට මගේ තෝරා බේරා ගැනීමක් තියෙනවා. ඇත්තටම අද වන විට මගේ හිත තියෙන්නෙ සිනමාව වෙතයි. සිනමාවේ චරිතයක් සමග ලොකු වෙනසකට යන්න මම ආසයි.

මේ දිනවල ගමට වෙලා ඉන්නෙ ඇයි?

කොහොමටත් නිවාඩුවක් ලැබුණු විගස මම කැමති කුරුණෑගලට දුවන්න. ගෙදර අම්මා තාත්තා සහ මල්ලි එක්ක ඉන්න තමයි වැඩියෙන්ම ආසා කරන්නෙ. හිතට දුකක් ආවාම ගෙදර තමයි නිවන.

ඒ කියන්නෙ මේ දිනවල දුෂේනි දුකෙන්?

සතුටින් ඉන්නෙ. ඒත් නිතරම සතුට රැදෙන්නෙත් නැහැනෙ. දුක හිතෙන දුක දැනෙන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට හොඳම තැන තමයි ගෙදර අම්මා තාත්තා එක්ක ඉන්න එක.

ඔබගෙ සම වයසෙ නිළියන් සමග තියෙන මිත්‍රත්වය මොන වගේද?

නව පරපුර හරි හොඳයි. අපි ඒ පරම්පරාවේ එකමුතු බව රකින්න ඕනෑ. විනු, රශිප්‍රභා, සහ මම මේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ රඟපාන්නෙ හරිම එකමුතුකමින්.

ක්ෂේත්‍රයේ හොඳම යෙහෙළිය කවුද?

ෂෙහානි කහඳවල

 එතකොට යාළුවා?

හැමොම වගේ හොඳ යාළුවෝ, විශ්ව අයියා එක්ක තමයි මුලින්ම රඟපෑවෙ. පසුව කාවිංග අය්යා. ගයාන් අය්යා එක්ක රඟපෑවා. එයාලා හරි හොඳයි.

ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබුණු සහාය කොහොමද?

හරිම ඉහළයි. මුලින්ම සංජීවනී අක්කාගෙන් ‘ආදරය ගින්දරක්’’ රඟපාද්දි ලැබුණු සහාය අගයන්නට ඕනෑ. එයාලා ඇත්තටම හරිම හොඳයි. ඒ වගේ අය එක්ක රඟපෑමට ලැබීම මට ලැබුණු ලොකු වාසනාවක්.

 

සටහන : සඳුන් ගමගේ


Image result for dusheni miurangi

Related image

Related image

Image result for dusheni miurangi


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top