Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 11
1,491
Views

පෙර භවය හෙළිකළ ඇතැම් දරුවෝ යළි උපත ලැබූ නිවස වෙත පැමිණි අයුරු අනාවරණය කරති. ඔවුන්ගේ මළ සිරුර නිවසින් හෝ රෝහලෙන් රැගෙන යන විට ඔවුන්ද ඒ සමග ගමන් ගත් බැව් හෙළි කළ සිදුවීම්ද තිබේ. සිරුර ආදාහනය හෝ භූමදානය සඳහා ගෙන ගිය විට ඔවුන්ද ඒ සමග සිටි බැව්ද ඇතැම් දරුවෝ පවසති. කිසි දිනෙක අවමංගල්‍ය පෙරහරක් නොදුටු දරුවෙකු ඔහුගේ සිරුර බෙර වයමින් රැගෙන ගිය හැටි හෙළි කළේ වයස අවුරුදු තුනේදීය.   


මේ අයුරින් මළ සිරුර ගෙන ගිය අන්දම හෙළිකළ දරුවෙක් ඒ සමග ගොස් යළි ඉපදීම සිදුවූ නිවසට පැමිණි බැව්ද ප්‍රකාශ කළේය. මළ සිරුර අසල නෑදෑ හිතවතුන් හඬා වැලපුණ අයුරුද ඇතැම් දරුවෝ අනවාරණය කළේ ඔවුන්ගේ නම් පිළිබඳව ද හෙළි කරමිනි. එවැනි සිදුවීම් හෙළි වූ පුනර්භව සාධක කීපයක්ම ඉන්දියාව තායිලන්තය සහ ශ්‍රී ලංකාවේ පර්​ෙ‌ය්ෂණ අතරද දක්නට ඇත.   


තම මළසිරුර බෙර වයමින් පෙරහරේ ගෙන ගිය අයුරු අනාවරණය කළ දරුවෙකු උපත ලැබුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේදීය. යන්තම් බහ තෝරණ වියට පත් වූ එම දරුවා පැවසුවේ ඔහු රිය අනතුරකින් මරණයට පත් වූ බවකි. පසුව ඔහුගේ සිරුර පෙරහරක් මගින් සුසාන භූමිය වෙත රැගෙන ගිය බැව් පැවසීය.   


1980 වසරේදී පර්​ෙ‌ය්ෂණයක් සිදු කළ මෙම දරුවාගේ ප්‍රකාශය අතිශය පුදුම උපදවන සුලුවිය. සිරුර පෙට්ටියක තැන්පත් කර තිබූ අයුරුද මෙම දරුවා පැහැදිලිව අනාවරණය කළේය. ඒ වන විට මළ සිරුරක් තැන්පත් කර ඇති දර්ශනයක් එම දරුවා විසින් දැක නොතිබීම පෙරභවය පිළිබඳව ප්‍රබල සාක්කියක් විය.   


මීට වසර කීපයකට උඩදී තායිලන්තයේ පුනර්භව සාධකයක් මගින් හෙළි වූ දරුවෙක් ප්‍රකාශ කළේ සිරුර වෑන් රථයකින් ගෙන ගිය බවකි. එම වෑන් රථය සමඟ ගමන් කර යළි උපත සිදුවූ මවගේ නිවසට පැමිණි බැව් අනාවරණය කළේය. ගැහැනු දරුවකු වූ ඇය පිළිබඳව පූර්ණ පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වූයේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජිම් ටකර් විසිනි. පුනර්භව පිළිබඳව ප්‍රධාන පර්​යේෂකයෙකු වූ මහාචාර්ය ජිම් ටකර් එම පර්යේෂණ අංශයේ අධිපතිවරයාද වේ.   


පෙරභවය හෙළි කළ දරුවන් රැසක් පිළිබඳව පර්​ෙ‌ය්ෂණ වල නිරත වී පර්​ෙ‌ය්ෂණ වාර්තා සහ ග්‍රන්ථ කීපයක්ද මේ වන විට ඔහු ප්‍රකාශයට පත්කර ඇත. පුනර්භව සාධක ඇතුළත් රටවල් රැසක සිදුවීම් විමර්ශනය කර ලියා ඇති එම ග්‍රන්ථ නම් කර ඇත්තේ (Life Before Life) සහ (Return To Life) යනුවෙනි.   


මළසිරුර රැගෙන ගිය වෑන් රථය පිටුපස ගමන් කළ බැව් හෙළි කළ එක් දැරියක් උපත ලබා ඇත්තේ තායිලන්තයේදීය. එම දරුවා පෙරභවය අනාවරණය කරනු ලැබුවේ වයස අවුරුදු දෙකේ පමණ සිටය. දිනක් මව සමඟ සිටි දරුවා එක්වරම මව අමතා   


‘‘මට ගෙදර යන්න ඕනෑ’’ යැයි කීය. නිවසේ සිටි දරුවා කළ එම ප්‍රකාශය මවගේ පුදුමයට හේතු විය. නිවසේ සිටින දරුවා ගෙදර යන්නට ඕනෑ යයි කරන ප්‍රකාශය ගැන විමසීමක් කළ මව ‘‘ඔයාගේ ගෙදර තමයි මේ ඔයා කියන ගේ කොහේද තියෙන්නේ?’’ යයි මම විමසුවාය.  


එයට පිළිතුරු දුන් දරුවා ඔවුන් පදිංචි ප්‍රදේශයෙන් කිලෝමීටර් දහයකට පමණ දුර ගමක් ගැන අනාවරණය කළේය. අනතුරුව පෙරභවයේ ජීවිත තොරතුරු හෙළි කළ ඇය පෙර භවයේදී නමද අනාවරණය කළේ මව පුදුමයට පත් කරවමිනි.  


ඇයට ඩෙංගු රෝගය වැලඳීමෙන් පසු රෝහල් ගත කළ බැව් හෙළි කළ එම දැරිය එම රෝහල පිහිටි ප්‍රදේශයද හෙළි කළාය. එම රෝහලේදී මරණයට පත් වු බැව් පැවසූ දැරිය ඇගේ සිරුර වෑන් රථයකින් ගෙන ගිය බැව්ද පැවසුවාය. සිරුර වෑන් රථයේ දමා ගෙන රැගෙන යන විට ඇයද ඒ පිටුපසින් ගිය නමුත් වෑන් රථය අල්ලා ගැනීමට නොහැකි වූ බවද හෙළි කළාය.  


වෑන් රථය මග හැරීමෙන් පසු සැතපුම් ගණනක් ගිය අැයට මාර්ගය අසල තිබූ නිවසක් දක්නට ලැබුණු බවත් එම නිවස දැන් මව සිටි නිවස බවත් කීවාය. අනතුරුව මවගේ කුසයෙන් උපත ලැබූ බවත් හෙළි කළාය. මෙම තොරතුරු හෙළි කළ දැරිය ඇයට පෙර භවයේ නිවසට යෑමට අවශ්‍ය බැව් කියමින් දැඩි ලෙස හඬන්නට වූවාය. ඇතැම් විට මුළු දවස පුරාම ඇය හඬන්නට වූවාය.  


වසර කීපයක් ගත විය. දිනක් මාපියන් සමඟ වන්දනා ගමනක් සඳහා බස් රථයකින් තවත් පිරිසක් සමඟ මාපියන් ද සමග ඇය හෙළි කළ ගම් ප්‍රදේශයට ගියාය. එහිදී නිවසක සිටි කාන්තාවක් දුටු දැරිය එම කාන්තාව ඇගේ පෙර භවයේ මව ලෙස හඳුනා ගත්තාය.  


එම කාන්තාවගේ දියණියක් ඩෙංගු රෝගයෙන් මරණයට පත් වූ බැව් සනාථ විය. එහිදී සිදුවූ ප්‍රබල සාක්කියක් වූයේ දැරිය පෙර නිවසට ගිය අවස්ථාවේ ඇය භාවිතා කළ භාණ්ඩයක් ඉල්ලා සිටීමය. මියගිය දැරියගේ ආරක්‍ෂාවට කරේ බඳින ලද මාලය පිළිබඳව හෙළි කිරීම අතිශය පුදුම උපදවන සුලුවිය.  


පෙරභවයේ මළ සිරුර නිවසේ තැන්පත් කර තිබියදී තමා ඒ අසල සිටි බවත් භූමිදානයට ගෙන යන විටදී මව සහ ඥාතීන් හඬා වැලපුණු අයුරු තමා දුටු බවත් තවත් දරුවෙක් පැවසීය. මීට වසර ගණනකට උඩදී පර්​ෙ‌ය්ෂණයකට ලක් වූ එම දරුවා උපත ලැබුවේ කොළඹදීය. පෙරභවයේ ලඝුලේඛකයකු ලෙස සේවය කරමින් සිටියදී රිය අනතුරකින් මරණයට පත් වූ තරුණයකුගේ ජීවන තොරතුරු එම දරුවා හෙළි කළේය. එම දරුවා උපත ලැබුවේ පෙරභවයේ සොයුරියකගේ පුත්‍රයෙකු ලෙසය.  


මළ සිරුර පිළිබඳව පැහැදිලිව තොරතුරු අනාවරණය කළ සිදුවීමක් මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින්ද සිදුකළේය. ඉන්දියාවේදී උපත ලද එම දරුවා පිළිබඳව1972 මැයි 7 වැනිදා කල්කටාවේ පුවත් පතක් වූ (ANAND BAZAR PATRIKA) මගින්ද ප්‍රසිද්ධියට පත් කළේය.   


ඩෝලන් යනුවෙන් හැඳින් වූ එම දරුවා පැවසුවේ මළ සිරුර රෝහලෙන් ගෙන යනු තමා දුටු බවය. 1967 වසරේදී උපත ලද එම දරුවා පෙරභවය හෙළි කිරීම ආරම්භ කළේ වයස අවුරුදු දෙකහමාරේදීය.  


උපතින්ම පිරිමි ගති සිරිත් විදහා දැක්වූ එම දරුවා පිරිමි ඇඳුම් ඇඳීමට මහත් ආශාවක් දැක්වීම විශේෂත්වයක් විය. දිනක් සොහොයුරෙකුගේ කලිසම් සහ කමිස ඇඳීමට උත්සාහ කරනු මව දුටුවාය. එය නතර කර තමා වෙත එන ලෙස මව පැවසුවාය. එයින් කෝපයට පත් වූ දැරිය ‘‘ඔයා මට ඇඳුම් අඳින්න දුන්නේ නෑ’’යැයි පැවසීය. නැවතත් මව ඇමතූ දැරිය ‘‘මම එතකොට පිරිමි ළමයෙක් අපිට ලොකු ගෙයක් තිබුණා. යනුවෙන්ද පැවසීය. මේ අයුරින් පෙරභවය හෙළි කිරීම ආරම්භ කළ දරුවා ඔහුගේ පෙර භවයේ නමද අනාවරණය කළේය  


පෙර භවය පිළිබඳව ඉතා හොඳ මතකයකින් සිටි දැරිය ඇයට පෙර භවයේ සිටි සොහොයුරියක් සහ සොහොයුරෙක් පිළිබඳව ද හෙළි කළාය. පෙර සිටි ගමට ඇය රැගෙන ගියහොත් නිවස පෙන්වීමට හැකි බැව්ද ඇය නිතර ප්‍රකාශ කළහ. පෙරභව නිවසේ ඇති ඇගේ කලිසම් සහ කමිස රැගෙන ඒමට අවශ්‍ය බවත් පැවසූ දැරිය ඇය මරණයට පත් වූ අන්දමද පැහැදිලිව හෙළිකළාය.   


එම නිවස පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ එය තට්ටු දෙකකින් යුත් දර්ශනීය නිවසක් බවය. ඇයට වෙනම කාමරයක් තිබූ බවද පැවසූ දැරිය ඇගේ ඇඳුම් වෙනම අල්මාරියක ඇති බැව්ද කීවාය. ඇය පාසල් ගියේ කාරයකින් බවත් පාසල නිවසට ආසන්නයේ තිබූ බවත් පැවසුවාය.  


වරක් ඇය ගමන් කළ මෝටර් රථය අනතුරකට පත් වූ බවත් ඇගේ මතකයේ තිබිණි. අනතුර සිදුවූ අන්දම අනාවරණය කළ දැරිය එම අනතුරෙන් මරණයට පත් වූ අය ගැනද මතකයේ ඇති බැව් ප්‍රකාශ කළාය.  


ඇය පැවසුවේ දිගු කලක් රෝහල් ගතව සිටි බවකි. හිස පිටුපස සහ පාදයක වේදනාවක් පැවතුණ බැව්ද ඇය පැවසුවාය. වරක් රෝහලේ සිටියදී ඇඳෙන් වැටීමක් සිදු වූ බවද ඇයට මතක තිබිණි. රෝහලේදී මරණයට පත් වූ බැව් පැහැදිලිව හෙළි කළ දැරිය රෝහලේ සිට මිතුරන් පිරිසක් විසින් සිරුර භූමදානය පිණිස ගෙන ගිය බවද පැවසුවාය.  


මෙම පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර්​ෙ‌ය්ෂකයන් විසින් සිදු කළ පර්​ෙ‌ය්ෂණයේදී මළ සිරුර ගෙන ගිය අන්දම නිරීක්‍ෂණය කිරීමට අවධානය යොමු කැරිණි. ඇය අනාවරණය කළ පෙර භවයේ තරුණයා මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු විසිහතරේදීය. හිස පිටුපස තදබල වේදනාවක් පැවතීම නිසා ඔහු රෝහල් ගත කර ඇත. වේදනාව වැඩිවීමත් සමඟ වරින් වර වමනයද ඇති වී තිබේ. මරණය සිදුවූ බැව් සඳහන් වන බව වාර්තාවේ. එය සඳහන් වී ඇත්තේ (DEVELOPED PAIN AT THE BACK OF HIS HEAD WITH OCCASIONAL VOMITING) යනුවෙනි. මරණය සිදු වී ඇත්තේ දින පහළොවක් පමණ රෝහල් ගතව සිටීමෙන් පසුවය.  


පෙරභවය හෙළි කළ දැරිය පැවසූ පරිදි ඇගේ සිරුර රෝහලේ සිට ට්‍රක් රථයක් මගින් සුසාන භූමිය වෙත රැගෙන ගිය බැව් සනාථ විය.  


පෙරභවයේ මළ සිරුර රැගෙන ගොස් භූමදානය කළ ස්ථානයද නිවැරදිව අනාවරණය කළ තවත් දරුවෙක් උපත ලැබුවේ රඹුක්කන ප්‍රදේශයේදීය. වසන්ත නම් එම දරුවා වෙඩි පහරකට ලක් වී මියගිය බැව් හෙළි කළේය. පියාට තැබූ වෙඩි පහරක් එම දරුවාටද වැදීම නිසා මරණයට පත් වූ බැව් එම දරුවා ප්‍රකාශ කළේය.  


1972 වසරේදී උපත ලැබූ ඔහු පිළිබඳව ද මහාචාර්ය ස්ටීවන්සන් විසින් පර්​ෙ‌ය්ෂණයක් සිදු කෙරුණි. පෙර භවයේ නිවස සොයා යාමටද එදා එම දරුවාට හැකිවිය. බහ තෝරණ වියේ සිට පෙරභවයේ දෙමාපියන් සහ සොයුරා සොයුරියන් පිළිබඳව නිවැරදිව තොරතුරු හෙළි කිරීමට එම දරුවාට හැකියාව තිබිණ. මළසිරුර ඔහු පදිංචිව සිටි නිවසට ආසන්නයට ගෙන ගොස් භූමදානය කළ බැව් එම දරුවා ප්‍රකාශ කළේ ඒ බැව් ඔහු දුටු බවය. එම දරුවා පෙරභව නිවස වෙත ගිය අවස්ථාවේ මළ සිරුර භූමදානය කළ ස්ථානය පෙන්වාදීමට ඔහුට හැකිවිය. පුනර්භව සාධකවලට ප්‍රබල සාක්කියක් ලෙස එම හඳුනාගැනීම පිළිබඳව පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ.   

 


තිස්ස ජයවර්ධන

ලංකාදීප 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top