Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 11
746
Views

ජනප්‍රිය දමිල රංගන ශිල්පී රජිනිඛාන්ත්ගේ දියණිය සෞන්දර්යා රජිනිඛාන්ත් සහ රංගන ශිල්පී විශාගන් වනංගමුඩිගේ විවාහ මංගල්‍යයේ පුර්ව විවාහ චාරිත්‍ර කටයුතු ඊයේ දින ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රාගවේන්ද්‍ර කල්‍යාණ මණ්ඩපම් හිදී යි.

පසුගිය වසරේ දී විවාහ ගිවිසගත් සෞන්දර්යා-විශාගන් යුවලගේ විවාහ මංගල්‍යය එළඹෙන 11 වැනිදා චෙන්නායි හි දීම පැවැත්වීමට නියමිත බවයි ඒ අනුව වාර්තා වන්නේ.

විවාහ උත්සවයට සහභාගී වන මෙන් සිය පවුලේ පිරිසට මෙන්ම පවුලේ සමීපතමයන් සඳහා රජිනිඛාන්ත් පෞද්ගලිකවම ගොස් ආරාධනා කර ඇති බවත් රංගන ශිල්පී කමල් හසන් ට ද එසේ ආරාධනා කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ආර්. අශ්වින් සමඟ සෞන්දර්යා මින් පෙර විවාහ වී සිටි අතර 2017 වසරේ දී ඔවුන් දෙදෙනා නීත්‍යනුකුලව වෙන් විය.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top