Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 11
781
Views
නයෝමි තක්ෂිලා කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. රූප රචනා සදහා රංගනයෙන් දායක වුනු නයෝමි මේ දිනවල වැඩිපුර දකින්න ලැබෙන්නේ නාට්‍ය වලින්. සිනමාවටත් අවතීර්ණ වුනු ඇය ගැනයි මේ.
මේ දවස්වල කාර්යය බහුලද?
මේ දවස් වල නිර්මාණ කිහිපයක් එක්ක එකතු වෙලා වැඩ කරනවා.
 
රංගනයේ හැරවුම් ලක්ෂ්ය විදිහට දකින්නේ මොකක්ද?
මම 2014 වගේ තමයි ක්ෂේත්‍රයට ආවේ. එදා ඉඳන් නිර්මාණවලින් අපරාදේ මම මේක තෝරගත්තේ කියලා එන හැඟීම මට එන්න අවස්ථාවක් උදා වෙලා නැහැ. ඒ අතරතුර සිදුවෙච්ච හැම සිදුවීමක්ම වාසනාවක් මිස අවසානාවක් වුණේ නැහැ.
 
මෙතරම් නිර්මාණ සඳහා දායක වෙන්න අවස්ථාවන් උදාවෙන්නේ වාසනාව නිසාද? නැත්නම් දක්ෂතාවය නිසාද?
මම හිතන්නේ මේ දෙකම තියෙන්න ඕනේ. සමහර විට මට වඩා දක්ෂ අය ඉන්න පුළුවන්. හැබැයි එයාලට වාසනව නැතිවෙන්න පුළුවන්. මේ කාරණා දෙකම සමබරව මට තියෙනවා කියලයි මම හිතන්නේ.
 
දැන් මියුසික් වීඩියෝවල අඩුවෙන් නේද දකින්නේ?
මුලින්ම ටෙලිනාට්‍ය  කලාට පස්සේ, අධ්‍යාපන කටයුතුත් එක්ක ටෙලිනාට්‍යවලට ලොකු කාලයක් වැය කරන්න බැරි නිසා මියුසික් වීඩියෝවලට පෙනී හිටියා. දැන් මියුසික් වීඩියෝ තෝරා බේරාගෙන කරන්න වෙන අවස්ථාත් තියෙනවා. ඒ ඇරෙන්න ටෙලිනාට්‍ය වැඩකටයුතුවලට ගියාම මියුසික් වීඩියෝවලට කාලය වෙන් කර ගැනීමේ අපහසුතාවයකුත් තියෙනවා. අනිත් එක දැන් මට හිතෙන විදිහට අපි දැන් ප්‍රමාණවත්. මියුසික් වීඩියෝ කලාව අලුත් අයට බාර දෙන්න ඕනා.
 
ඒ කියන්නේ වත්මන් මියුසික් වීඩියෝ කලාවට අලුත් අය එකතු වෙන්නේ ඕනා කියන එකද?
මම හිතන්නේ ඔව්. පොඩි විනාඩි දෙක තුනේ කාලයේදී අලුත් මුහුණක් ආවොත් ඒ දෙයටත් වෙන දෙයක් ලැබෙනවා. ඒ මියුසික් වීඩියෝ කරන කෙනාගේ කැමැත්ත තමයි ඉතින්. හැබැයි අපිව ඕනේ නම් ඕන කෙනා ගන්නවා.
 
චිත්‍රපට ගැන කිව්වොත්?
මම ‘නිදහසේ පියා’ චිත්‍රපටයේ  චරිතයක් කළා. ඊට පස්සේ ඉසුරු ලක්මාල්ගේ ‘‘අහසක් අල්ලන්න නෙවෙයි’ චිත්‍රපටයේ චරිතයකට දායක වුණා. ඒකත් තිරගත වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
 
 ඇයි රංගනයට එන්න හිතුණේ?
පාසල් කාලයේදී ‘මම කවුද වෙන්න කැමති’ කියලා ඇහැව්වාම මම කියන්නේ නිළියක් වෙන්න කැමැතියි කියලලු. මම ගමේ ඉස්කෝලෙට ගියේ. ඒකේ කලාව කියන දෙයට ගුරුවරු හිටියේ නැහැ. ඒක එහෙම්මම ඇරිලා ගියා ඊට පස්සේ උසස් පෙළ කරද්දී නැටුම් සහ නාට්‍ය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයට  ගියා කලාව තෝරගන්නම ඕනේ නිසා. අවාසනාවට විශ්ව විද්යාලයට යන්න ලකුණු මදි වුණා. හැබැයි ඒක වාසනාවක් වෙලා ටවර් හෝල් නාට්‍ය පාසලට තේරී පත්වුණා. ලංකාවෙන් 20යි ගත්තේ. ඒක හරහා හොඳ ටෙලිනාට්‍ය ලැබුණා. යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා. රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වුණා. ඒ විදිහට තමයි කලාවට ආවේ.
 
කලාව තෝරගත්තාට දෙමව්පියන්ගේ කැමැත්ත ලැබුණද?
නාට්‍ය පාසලට ගියාට එයාලගේ අකමැත්තක් තිබුණේ නැහැ. ඉගෙන ගන්න පැත්තටනේ ආවේ. ටෙලිනාට්‍ය පැත්තට යද්දී එයාලා බය වුණා. එයාලා දන්නවා පොඩි කාලේ ඉඳන් තෝර ගත්තොත් දෙයක්, හොඳට හිතලා බලලා හරියට වැඩ කරනවා කියලා. ටික කාලයක් යද්දී එයාලටම තේරුණා මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතිං ඊට පස්සේ එයාලම අවසර දුන්නා.
 
සමාජ මාධ්‍ය  ඔස්සේ යම් කිසි පුද්ගලයෙකු චරිතයක් නැති කරන්නත් පුළුවන්, ප්‍රසිද්ධ  කරන්නත් පුළුවන්. මේ කාරණාව ඔබ දකින්නේ කොහොමද?
සමාජ ජාල තුළින් කෙනෙක්ව ප්‍රසිද්ධ  කරන්නත් පුළුවන්, ජනප්‍රිය කරන්නත් පුළුවන්. ජනප්‍රිය වෙනවා කියන දේ හැමෝටම කරන්න බැහැ. හෙට වුණත් මට අඩනිරුවත් වීඩියෝ එකක් දාලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න බෑ.
 
දායක වූ නිර්මාණ ඔස්සේ රසික හදවත් දිනා ගැනීමට අවස්ථාව උදාවීම ජයග්රහණයක් විදිහට දකිනවාද?
ඔව්, අනිවාර්යෙන්ම. මම මෙච්චර කාලයට චරිතයක් බාර ගත්තත් සාධාරණයක් කළා. මම ගොඩක් වැඩ කරලා නැහැ. මම කරලා තියෙන වැඩවලින් මිනිස්සු අතර ඉන්න එක, ඔවුන්ගෙන් ලැබෙන දේ ඔස්සේ මම සෑහීමකට පත්වෙනවා.
 
මේ කාලය තුළ නිදහස නැතිවෙනවා, පවුල් අයත් එක්ක ඉන්න කාලය අඩුවෙනවා, මේ දේවල් නිසා ජීවිතයෝ හොඳම දේවල් මඟ හැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
මම හැම තිස්සේම හිතන දෙයක් තමයි දෙයක් ලබා ගන්න නම් දෙයක් කැප කරන්නම වෙනවා කියන එක. ගෙදර අය එක්ක කාලය ගත කරන්න තියෙන වෙලාව අඩුයි. මගේ ඉගෙනීම කටයුතු කල් දාන්න වෙනවා. එහෙම දේවල් හිතුවොත් මට මේ අවස්ථාව නැතිවෙනවා. මම ඒ දේවල්වලට හිටියොත් මේ දේ නැතිවෙනවා.මේ නිසා හිත හදාගන්න මම හිතන දේ තමයි අපි දෙයක් ලබා ගන්න නම් තවත් දෙයක් කැප කරන්නම වෙනවා කියන එක.
 
ඩිලාන් ක්‍රිෂාන්ත

Image result for nayomi thakshila

Image result for nayomi thakshila


Related image




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top