Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 11
1,932
Views

මාකදුරේ මදුෂ් අද රටේම කතාබහට ලක් වු මාතෘකාවක් බවට පත්ව හමාරය. ගමේ තොටේ, නගරයේ කවුරුත් කතා කරන්නේ ඩුබායි මදුෂ් ගැනය. රටකරවන පාර්ලිමේන්තුවත් දිනෙන් දින උණුසුම් වුයෙත් මදුෂ් නිසා ය. මාකදුරේ මදුෂ් ජාතික නිදහස් දිනයදා රාත්‍රියේ අබුඩාබි හි තරුහයේ හෝටලයකදී කොටුකරගැනීමට හැකිවිමත් සමග මේ සියලු කතාබහ ඇතිවිය. මදුෂ් සමග උපන්දින සාදය සමරන්නට ගිය අයටද දැන් පොට වැරදී ඇත්තේය. එම සාදය ට මෙරටින් ගිය සියලු දෙනාගේ නිවෙස් හා හෝටල් වලට බ්‍රහස්පතින්දා (07) සිට පොලිසිය හා එස්.ටී.එෆ් කණ්ඩායම් කඩා පනින්නට වුහ.

රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් හිමියෙකු ගැනද කියවුනත් එය මෙතෙක් තහවුරුකර ගැනීමට නොහැකිව තිබේ. මාකදුරේ මදුෂ් සමග මෙහිදී කොටුකරගැනීමට හැකිවු ප්‍රධාන පෙලේ පාතාල නායකයකු වුයේ කන්ජිපානි ඉම්රාන් ය. මාලිගාවත්ත ජුම්මා මජීඩ් පාරේ මුස්ලිම් පල්ලිය ළඟ කැද වතුර විකුණපු ඉම්රාන් අද රටේම කතාබහට ලක් වු පාතලයෙකු වන්නේය. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සිද්දික්ගේ රියදුරු වශයෙන් සිට පාතාල මර්දනයට බියෙන්‍ රට පැනගත් කන්ජිපානි ඉම්රාන් පාකිස්තානයේ ඩාවුඩ් ඉබ්‍රහිම් කල්ලියකට එක්වී මෙරටට හෙරොයින් මහා පරිමාණයෙන් ගෙන්වු පාතාලෙයෙකු වුයේ ය. 2015 දී හොර පාස්පෝට් එකකින් ඩුබායි ආ මදුෂ්ට රැකවරණ දෙන්නේ කන්ජිපානි ඉම්රාන් ය.

මාකදුරේ මදුෂ් පෙබරවාරි හතරවැනි දා සමරන්නට වුයේ තම දෙවැනි බිරිඳට උපන් දරුවාගේ පලමුවන උපන්දිනය ය. මදුෂ් ගේ දෙවැනි බිරිඳ වුයේ මහරගම කලු තුෂාර නමැති වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේ දී මියගිය පාතාලයාගේ බිරිඳ ය. කලු තුෂාර මියගිය පසු ඔහුගේ බිරිඳ ඩුබායි බලායන්නේ මදුෂ් ගේ රැකවරණ ගන්නට ය. කලුතුෂාර මැරු පළිය ගන්නට ඇය මදුෂ් ලවා පොලිස් නාකොටික් අංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මරන්නට සැලසුම් කරවන්නේ පිලියන්දල දීය. රංගජීව ට කුඩු ඔත්තුවක් දී ගෙන්වා ගෙන එල්ල කල වෙඩිවරැසාවෙන් පොලිස් කොස්තාපල් වරයෙක් ඇතුලු දෙදෙනෙකු මියගොස් රංගජීව තුවාල ලැබීය.එහී විමර්ශන පැවැත්වු නිලධාරින් අනාවරණය කරගත්තේ ඔත්තුව දුන් මිගමුවේ ෆේරෝස්ගේ සාමාජිකයා ඉන්දියාව ට ගෙන්වා ගත්තේ කලුතුෂාරගේ බිරිඳ බවට ය.

මේ ආකාරයට මදුෂ් ගේ දරුවාගේ උපන් දින පාටියට අබුඩාබි පොලිසිය පන්නන්නට ඔත්තුව දෙන්නේ මදුෂ් ගේ විරුද්ධවාදීන් බව දැන් අනාවරණය වන්නේය. ඒ අතර ප්‍රබලම චරිතය වන්නේ කොස්ගොඩ සුජි, අන්නාසී මොරිල් හා තංගල්ලේ කලු සාගරය.

අන්නාසි මොරිල් ට මදුෂ් සමග ගැටුම් හට ගන්නේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ය. මේ දෙදනාම පාකිස්තාන මත්කුඩු ජාවාරම්කරුවන් සමග මෙරටට හෙරොයින් මහා පරිමාණයෙන් ගෙන්වු අයය. මොරිල් ගිය වසරේ එවු කුඩු කිලෝ 110ක් පොලිස් නාකොටික් අංශයේ නිලධාරින් සේ වෙස්වලාගෙන ආ මදුෂ් ගේ කණ්ඩායමක් පැහැර ගන්නේ මොරිල් ට එරෙහිව යුද ප්‍රකාශ කරමින්‍ ය. මොරිල් ගේ කුඩු තොගය දෙව්න්දර දී පැහැර ගන්නට මදුෂ් යොදාගෙන තිබ්බේ දෙවුන්දර ඩීලයීට්ගේ කණ්ඩායමක් ය.
එයින් පසුව මදුෂ් ට පාඩමක් උගන්වන්නට කල්යල් බලමින් සිටී අන්නාසි මොරිල් හට සහායට එන්නේ අගුණකොලපැලැස්සේ බරවකුඹුක කලුසාගර ය.

කලුසාගර මාකදුරේ මදුෂ් ට එරෙහිව නැගී සිටින්නේ කඩුවෙල රණාලේ සමයං ඝාතනයෙන් පසුවය.රණාලේ සමයං හට හයියට සිටි පාතාල කණ්ඩායමක් වුයේ කලුසාගර ගේ කණ්ඩායම ය.සමයං ඝාතනයෙන් පසුව කලුසාගර ඝාතනය කරන්නට මදුෂ් වෙරදරන්නේ තම දකුණු අත මෙන්සිටී කඹුරුපිටියේ හර්ෂ ඝාතනයේ පළිය ගන්නට ය.හර්ෂ ඝාතනය වන්නේ ඔබේසේකර පුරදීය.අනියම් බිරිඳ සමග සිටින මොහොතක හර්ෂ ඝාතනය කරන්නේ රණාලේ සමයං කල්ලිය හා කලුසාගර ගේ කණ්ඩායමක් එක්වය.

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති හා හිටපු අමාත්‍ය වරයෙක් වන ඩැනී හිත්තැටිය මහතා ව 2006 ජුනි 11 දා සාතනය කරන්නට මාකදුරේ මදුෂ් යොදාගෙන තිබ්බේ හර්ෂ හා සුනිල් ප්‍රේමරත්න හෙවත් ඇටයා ය. මාකදුරේ මදුෂ් හට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් (red notice) නිකුත් කරන්නට රහස් පොලිසිය කටයුතු කරන්නේ ද මෙම ඝාතනය සම්බන්ධයෙන් ය. කලුසාගර ලංකාවේ සිට ඩුබායි බලා යන්නේ පාතාල මර්දනයට බියෙනි.මදුෂ් කොටුකරගැනීමට හැකි මොහොතක කොටුකරගැනීමට කුමන කණ්ඩායමක් සමග හෝ එක්විමටද සාගර ඩුබායි හිදී උත්සාහ ගෙන තිබ්බේ ය.

පාතාල යේ ගෝඩ්ෆාදර් වන්නට වෙරදරන්නේ කොස්ගොඩ සුජි ය.සුජි ට ඊට බාධාවක් වී ඇත්තේ ඩුබායි සිටින මදුශ් ය. මේ පාර්ශවයන් වලින් බුද්ධ් මෙහෙයුමක් අරඹා මදුෂ් කොටුකරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් උත්සාහ ගන්නේ ඒ අතරය. මෙම කණ්ඩායම් අතරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සිට සාමාන්‍ය පොලිස් සේවයට එක්ව බස්නාහිර පලාත් උතුරු පලාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ වු විශේෂ ඒකකයක සිටී පොලිස් පරික්ෂක වරයෙකුට මෙම කණ්ඩායම් හරහා මදුෂ් ගේ උපන්දින සැමරැම වෙනුවෙන් ලංකාවේ සිටින කණ්ඩායමක් එන බව ට ඔත්තුවක් ලැබීය. ඒ අනුව තොරතුරු සොයා යන නිලධාරියා මදුෂ් ගේ දරුවාගේ උපන්දින සැමරැම් සාදය පැවැත්වෙන ජුමෙයිරා මරීනා හෝටලය ගැන අනාවරණය කර ගන්නේ ය.

මදුෂ් ව මෙම සාදයේදී විෂ මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාවට කොටුකරගැනීමට සුදානම් වන්නේ මදුෂ් ඇතුලු කණ්ඩායම කෝකේන් පාවිච්චියට ගන්නා බව තොරතුරු වු නිසාය. අන්නාසි මොරිල් ට අබුඩාබි පොලිසියට සම්බන්ධ ඔත්තුකරුවන් සම්බන්ධ කමක් වුයෙන් ඒ හරහා ඔත්තුව යන්නේ මත්ද්‍රව්‍ය ගෙනඑන සාදය ගැනය .කලුසාගර හා කොස්ගොඩ සුජි ගේ කණ්ඩායම් මේ වනවිට තොරතුරු රැස්කර දී තිබ්බේය.මෙරට සිටී පොලිස් පරික්ෂක වරයා තම ඔත්තු කරුවන් යොදාගෙන මදුෂ් කොටුකරගැනීමට අවශ්‍ය උපදෙස් දී තිබ්බේ ය.

අබුඩාබි පොලිසිය මදුෂ් ගේ සාදය තිබු හෝටලය පෙබරවාරි හතරවැනි දා අලුයම හතරට පමණ වටලන්නේ එම තොරතුරු අනුව ය. ඒ වනවිටත් සාදය ජයටම කෙරෙමින් තිබ්බේ ය.එහිදි මදුෂ් ඇතුලු 31 ක් කොටුවු අතර කොකේන් ද එහිදි අසුවිය.කාන්තාවන් හතර දෙනෙකු එහිදී නිදහස් කරන්නේ මදුෂ් ගේ දෙවැනි බිරිඳ සමගය.
මදුෂ් කොටුකරගැනීමට බුද්ධ් මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට මදුෂ් ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල සහාය ඇතිව ය.

අල්ලා ගත් පිරිස අතර සිටින අය කවුරුන් දැයි තහවුරු කරන්නට වැටලීම කරන මොහොතේ එහිදී ගත් ජායාරූප අබුඩාබි පොලිසිය තම ඔත්තු කරුවන් හට යැව්ව අතර අවසානයේ එවා මෙරට ඔත්තුකරුවන් හට එවීමෙන් පසු සමාජ ජාල හා මාධ්‍යවල පලවීමත් සමග එරට බලදාරීන් කලබල වීය. මදුෂ් අල්ලා ගත් මෙහෙයුම ගැන සැලවී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තොරතුරු විමසද්දීත් පොලිස්පති වරයා වත් එය නොදැන සිටියේය. ඒ මෙය හදිසි මෙහෙයුම ක් වු නිසාය.

මෙම මෙහෙයුම ට සම්බන්ධ පොලිස් පරික්ෂක වරයා සමග පොලිස්පති වරයා හමුවු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉන් පසුව අගහරුවාදා (05) රාත්‍රියේ ම පොලිස් පරික්ෂක වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලගට යවන්නේ සැබෑ මෙහෙයුම ක්‍රියාත්මක වු ආකාරය සාක්ෂි සහිතව පෙන්වා දීමටය.
මේ වනවිටත් මදුෂ් සම්බන්ධ විමර්ශන සිදුවන අතර මදුෂ් මෙරට ට ගෙන්වා ගත හැකිද යන්න සොයා බලන්නේ ය.එ අතර මෙරට විමර්ශන කණ්ඩායම් මදුෂ් සමග සාදයේදී සිටි පිරිස ගැන විමර්ශන අරඹා ඇත්තේ ය.

මෙහිදී කොටුවු වැලිගම,මිරිස්සේ සන්ෂයින් සුද්දා ගේ සන්ෂයින් හෝටලය හා ඔහුගේ සොහොයුරා ගේ සීක්‍රට් බීච් හෝටලය පරික්ෂා කරන්නේ මාතරින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්‍ ය.එවායේ ශබ්ද විකාශන බලපත්‍ර අහෝසි කරන පොලිසිය සන්ෂයින් හෝටලය තුල වු වාහනයක් අත් අඩංගුවට ගත්තේ ය. ඒ එම වාහනය ඩුබායි පාටියේදී කොටුවු රංගන ශිල්පී රයන් වෑන්‍ රෝයන්ගේ වාහනය විමත් එහී කේරළ ගංජා ග්‍රෑම් පහක්ද සොයා ගැනිමත් සමගය.මේ සමග තහවුරු වුයේ රයන් හා ගායන ශිල්පී අමල් පෙරේරා ,නදීමාල් පෙරේරා කටුනායක ගුවන් තොටුපළ බලා ගියේ සන්ෂයින් සුද්දා ට අයත් හෝටලයේ සිට බවය.

ඩුබායි හිදී කොටුවු අය අතර මදුෂ් ගේ ගමේ පාසලේ මිතුරන් වු කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ කම්කරු වෙකු යැයි කියන චරිත් කොඩිකාර හා සජිත් පෙරේරා යන දෙදෙනාගේ කඹුරුපිටියේ නිවාස කඹුරුපිටිය පොලිසිය වටලනු ලැබීය. ජංගා නොහොත් අවිශ්ක කවිශාන්ගේ ගන්දර තලල්ලේ පිහිටි නිවෙස වැටලු පොලිසිය එහී තිබි ටී 56 උණ්ඩ 26 ක්,යුද හමුදා නිල ඇදුම් 18ක්,හා හිස් උණ්ඩ කොපු 30ක්, යතුරු පැදි තුනක් සමග ඔහුගේ නැදැයෙකු අල්ලා ගත්තේ ය.බන්ධනාගාර හිටපු බුද්ධි නිළධාරීයෙක් වු ලලිත් කුරේගේ හා කුමාර නොහොත් ශෙල්ටන් ද සිල්වා යන අයගේ නිවාසද පොලිස් පරික්ෂාවට ලක්වන්නේ ඩුබායි හිදී ඔවුන් කොටුවීමත් සමගය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් අමල් පෙරේරා ගේ මහරගම නිවෙස පරික්ෂා කර කෝකේන් පාවිච්චියට ගන්නා හිස් කොපු දෙකක්ද ,රයන් ගේ අත්තිඩියේ පිහිටි කුලී නිවසේ තිබී මත්ද්‍රව්‍ය කිරන තරාදියක් ද සොයාගෙන තිබිණි .මේ සමග එදීනම (07) රාත්‍රියේ රයන්ගේ බිරිඳ හා දියණියව කුලි නිවසින් පලවා හරින්නට නිවෙස් හිමියන් කටයුතු කර තිබිණි.

මදුෂ් ගේ පැටිකිරිය හා ගිය වුන්ගේ පැටිකිරිය හෙලිකරගත හැකිවන්නේ මෙම පිරිස ගෙන් මෙරටින් යවන කණ්ඩායමක් ලවා ප්‍රශ්න කිරිමේදී ය.

- තිස්ස රවින්ද්‍ර පෙරේරා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top