Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 02
4,173
Views

අම්පාර, දමන, තොට්ටම ප්‍රදේශයෙන් කුඩා ශරීරයක් සහිත (කුරු) මිනිස් රුවට සමාන පෙනුමක් සහිත මානව වර්ගයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

රාත්‍රී කාලයේදී පැල් රැකීම සදහා යන ගම්වාසීන් විසින් අඩි දෙක හමාරක් පමණ උසැති මෙම කුරු මිනිසුන් දැක ඇති බවයි වාර්තා වන්නේ.

තොට්ටම වරාලන්ද ප්‍රදේශයේ බඩඉගුරු වගා කර ජීවත්වන ජනතාව මේ දිනවල සේනා උවදුර නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර ඉතිරිව තිබෙන සිය ගොවිබිම් ආරක්ෂා කරගැනීම සඳහා දිවා රාත්‍රී නොබලා වෙහෙස වන අතර රාත්‍රී කාලයේ පැල් රැකීමේදීයි ඔවුන් මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තේ.

ලංකාවේ නිට්ටෑවො ගැන මුලින්ම හෙළිකරල තියෙන්නෙ “හියු නෙවිල්” නමැති පුද්ගලයා විසින් වන අතර මේ ගැන මුලින්ම වාර්ථා වෙලා තියෙන්නෙ මඩකළපුව ප්‍රදේශයෙන් 1887දි.. ඒ ප්‍රදේශයේ ජීවත්වුණ වැදි ජනතාව තමයි මේ ගැන මුලින්ම කියල තියෙන්නෙ.

එම තොරතුරු අනුව මේ නිට්ටෑවුන් දුඹුරු පැහැයෙන් යුක්තවන අතර රංචු වශයෙන් ජීවත්වුණ බව තමයි කියවෙන්නෙ.. ඔවුන් ඉතා ම්ලෙච්ඡ කොටසක් බවයි ඔවුන් සොයාගෙන තියෙන්නෙ. විශාල හිසක් සතු ඔවුන්ගේ මුහුණේ හැඩය ගවයෙකුගෙ ස්වභාවයක්… “ශරීරය පුරා ලෝම වැවි තිබි ඇත. ඔවුහු දෙපා වලින් සෘජුව ගමන් කරති. මුළු මුලින්ම නග්නව වාසය කර ඇති මොවුන් රංචු වශයෙන් ජීවත් වී ඇත. හැම රංචුවකටම නායකයෙක් සිටී. වැඩිහිටි නිට්ටෑවෝ තම දරුවන් උරයේ හෝ උකුළේ තබාගෙන ගමන් කරති. ගස් නැගීමේ ඉතා දක්ෂයෝයි. මොවුන්ගේ භාෂාව තෙලිඟු භාෂාවට සමාන බවද වැද්දන් ට තේරුම් ගැනීමට හැකි” බවද හියු නෙවිල් පවසා තිබෙනවා.

නිට්ටෑවුන් සතුන් වටකොට දඩයම් කරගෙන තිබේ. මොවුන්ගේ ප්‍රධානම ආහාර අතර මී මින්නන්, හාවුන්, තලගොයින්, ඉබ්බන් වැනි සතුනුයි. ආයුධ භාවිතාකිරීමට නොදැන සිටි නිසා ලොකු සතුන් දඩයම් කිරීමට හැකි වී නැහැ. විශේෂයෙන් ඉබිමස් කෑමට ඉතා ප්‍රිය බවත් ඉබ්බෙකු අල්ලාගත්විට ඔවුන්ගේ දිගු වු නියපොතුවලින් කටුව නොපලා ඉබිමස් ආහාරයට ගත් බවත් සඳහන් වෙනවා.

මහලේනම, විල්ලුව, තමන්කඩුව,තන්තිරිමලේ, කුඩුම්බිගල ආදි වනාන්තරවල නිට්ටෑවුන් වාසය කර ඇත.. එමෙන්ම හිඹිටිල්ලනෙහෙළ, ගුරු හෙළ, නලිත්ත ආදි ප්‍රදේශවල වැද්දෝ විසූහ. අමු මස් මී පැණියෙහිලා ගලෙබෙනවල, රුක් සිදුරු වල බහා මී ඉටි වලින් වසා තැබීමට වැද්දන් පුරුදු වී සිටියහ.

වැද්දන්ගේ මේ ගබඩා ගැන දැනගත් නිට්ටෑවෝ මේවා කඩාගෙන කන්නට පුරුදුවිය. පසුව මොවුන් වැදි ගැහැණුන් සහ ළමයින් අල්ලා කෑමට පුරුදු වූහ.පසුව වැද්දන් සොය සොයා පහර දීමටත් මී වද කැඩීමට යන වැද්දන්ව ගොදුරු කරගැනීමටත් පුරුදුවූහ. රාත්‍රියේ වැද්දන් නිදාසිටින විට ඔවුන්ට ක්‍රමයෙන් ලංවන නිට්ටෑවො ඔවුන් ඔසවාගෙන දුවන බවත් ඊට පසුව ඔවුන්ව මරා කන බවත් වැද්දන් පවසා ඇත. නිට්ටෑවන්ගෙ මේ ආක්‍රමණශීලී තර්ජනය ඉවසාගත නොහැකි වූ වැද්දෝ සංවිධානය වී නිට්ටෑවුන් සංහාරය කළහ. අවසානයේ ඔවුන්ව කුටුම්බියන්ගල බටහිර බෑවුමේ ගල්ලෙනකට කොටුකරගත් වැද්දෝ පුරාදින 3ක් එම ගල්ලෙන ගිනිතැබූ බව සඳහන් කර තිබෙනවා.

එතනින්ද පණ බේරාගෙන දිවූ නිට්ටෑවන් 2ක් ඊට යාබදව ඇති “ඕකන්ද කුලු” කඳුමුදුනේ ටිකකලක් වාසය කර ඇති අතර පසු කාලයක ඔවුන් දෙදෙනාද ගැමිපිරිසක් අතින් මැරුම් කෑහ.

මොවුන් පිළිබඳව ඉතා හොඳින් දැන සිට ඇත්තේ තිසාහාමිගේ පියා ඇතුළු පුරාණ වැදි පරපුරයි. නමුත් අවාසනාවකට අපේ පුරාවිද්‍යා නිලධාරීන් ඔවුන්ගෙන් එම තොරතුරු දැනගැනීමට එතරම් උනන්දුවක් දක්වා හෝ නැතිබවයි පෙනීයන්නෙ. එ නිසා අපිට තොරතුරු රාශියක් අහිමිවෙලා ගිහින්.

ප්‍රාග් ඓතිහාසික යුගයේ දේ සොයා කැණීම් කරද්දි කුටුම්බිගල ගල් බෙනයක් තිබි හමුවු පාෂාණිභුත කුඩා මිනිස් හිස්කබල නිට්ටෑවෙකුගේ බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි..”

මේ අතර මීට වසරකට පමණ පෙර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඔහු චීනයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයක කල අධ්‍යයන කටයුත්තක් ආශ්‍රයෙන් මෙම මානව විශේෂය පිළිබඳ විශේෂ තොරතුරු කිහිපයක් හෙළිකර ඇති අතර එම වීඩියෝව පහතින්.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top