Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 21
751
Views

(ඉන්දික අරුණ කුමාර)

 
අවුුරුදු 14 ක  පාසැල් දැරියක් පැහැරගෙන ගොස් වසර දෙකක් අඹු සැමියන් ලෙස ජීවත්වු 38 හැවිරිදි විවාහකයෙකු සැඟව සිටිය දි වසර දෙකකට පසු කුලියාපිටිය - පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

2017 – 02 – 07 වන දින දැරිය පාසල් යන අවස්ථාවේ සැකකරු විසින් ඇය පැහැරගෙන ඇති බවට ඇගේ මව්පියන් විසින් නාඋල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

අවස්ථා ගණනාවක දී නාඋල පොලිසියේ නිලධාරීන් ලද තොරතුරුවලට අනුව සැකකරු සොයා ඇති අතර අවස්ථා කිහිපයකදීම ඔහු විවිධ ප්‍රදේශවල ජීවත් වී ඇති බව පොලිසිය කියයි.

අධිකරණ නියෝග මත සැකකරුගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් කුළුණු වාර්තා ලබාගනිමින් හා බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් වසර දෙකක් පුරා සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු හා දැරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු හා  දැරිය නාඋල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.

සැකකරු අද (21) නාඋල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කළේය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top