Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 21
1,490
Views

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන්නේ මුකේෂ් අම්බානි ය. ලෝක ප්‍රකට 'රිලයන්ස්'' සමාගමේ හිමිකරුවා වන ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන්නා සේම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක්. 61 වැනි වියෙහි පසුවන ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක් ලෙස සඳහන් වෙයි. ලංකා මුදලින් එය රුපියල් බිලියන 8,000කට කිට්ටු ය. ලෝකයේම ධනවතුන් අතර ද අම්බානි 19 වැනි ස්ථානය දිනාගෙන සිටියි.

මෙවැනි ධනවතකු ජීවත් වන නිවෙස මොන විදියේ එකක්දැයි දැන ගැනීමට බොහෝ දෙනකු කැමැත්තක් දක්වනු ඇති බවට සැකයක් නැත. අම්බානිගේ නිවෙස ගැන මෙයට සති කිහිපයකට පෙර ද විශේෂ අවධානයක් යොමු විය. එයට හේතු වූයේ ඔහුගේ එකම දියණිය වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවය පැවැත්වුණේ ද මෙම නිවෙසේ වීම නිසා ය.

මෙය ඉන්දියාවේ මෑත කාලයේ පැවැති වඩාත් උත්කර්ෂවත්ම විවාහ මංගල උත්සවයක් ලෙස ද සැලකේ. ඒ සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මුකේෂ් අම්බානි ඇතුළු ඔහුගේ පවුලේ උදවිය ජීවත් වන නිවෙස හැඳින්වෙන්නේ 'ඇන්ටිලියා' යනුවෙනි. එය ජනප්‍රවාදයේ එන එක්තරා මන--කල්පිත දිවයිනක් හැඳින්වෙන වදනක් ලෙස ද සැලකේ. මෙම සුපිරි නිවසෙහි මේ වනවිට වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් බව සඳහන් වෙයි. ලංකා මුදලින් එය රුපියල් බිලියන 360කට ආසන්නය. තට්ටු 27කින් සමන්විත මේ නිවෙස අඩි 570ක් උසය.

ලෝකයේ වටිනාකමෙන් වැඩිම පෞද්ගලික නිවාස අතර මෙය පළමු ස්ථානය දිනාගෙන සිටියි. ඇන්ටිලියා නිවහන මුම්බායි හි දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති අතර එහි මුළු බිම් ප්‍රමාණය වර්ග අඩි ලක්ෂ 4ක් බව සඳහන් වේ.

මෙය ඉදිකර ඇති ඉඩමෙහි වර්ගඵලය වර්ග අඩි 50,000කට ආසන්න වෙයි. නිවෙසෙහි නඩත්තු කටයුතු වෙනුවෙන් 600 දෙනකුගෙන් සමන්විත සේවක පිරිසක් මෙහි සිටිති. නිවෙසෙහි වාසය කරන්නවුන්ට මෙන්ම මෙහි එන අමුත්තන්ටද තට්ටු අතර ගමන් කිරීම සඳහා විදුලි සෝපාන 9ක් මෙහි සවි කර ඇත.

මෙම අපූරු නිවෙසෙහි සෑම තට්ටුවක්ම එකිනෙකට වෙනස් ආකාරයෙන් සැලසුම් කර තිබීම තවත් විශේෂත්වයකි. මේවා ඒ ආකාරයෙන් සැලසුම් කිරීමේදී මුකේෂ් අම්බානිගේ බිරිය වන නීතා අම්බානිගේ අදහස් බෙහෙවින් සැලකිල්ලට ගෙන ඇති බවද සඳහන් වෙයි. 50 දෙනකුට අසුන් ගත හැකි, නවීන තාක්‍ෂණයෙන් යුතු සිනමා ශාලාවක්, රූපලාවණ්‍යාගාරයක්, ස්පා එකක්, බෝල් රූම් නැටුම් ශාලාවක්, පිහිනුම් තටාක කිහිපයක්, යෝගා ව්‍යායාම සඳහා ශාලාවක්, නර්තනාගාර මෙන්ම අයිස්ක්‍රීම් කාමර ද මෙහි තිබෙන බව අනාවරණය වෙයි.

මෙම නිවෙස පිළිබඳව පැවසෙන තවත් අපූරු කතාවක් වන්නේ මෙහි තට්ටු හයක්ම වෙන් කර ඇත්තේ අම්බානි පවුලේ මෝටර් රථ වෙනුවෙන්ය යන්නයි. මෙම රථගාල්වල වාහන 170කට ආසන්න සංඛ්‍යාවක් ගාල් කළ හැකි බව සඳහන් වේ.

ඔවුන්ගේ මෝටර් රථ 'සර්විස්' කිරීම සඳහාම වෙන්වුණු වෙනම 'සර්විස් ස්ටේෂන්' එකක් පවා මෙහි තිබෙන අතර 7 වැනි තට්ටුව සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ මේ වෙනුවෙනි. උද්‍යාන කිහිපයක් ද මෙම ඇන්ටිලියා නිවෙසෙහි තිබෙන බව පැවසෙන අතර ගොඩනැඟිල්ලෙහි සිසිල් බව පවත්වා ගැනීමේදී මේවායින් විශාල මෙහෙයක් ඉටු වෙයි. හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා අංගණයන් තුනක් ද ගොඩනැඟිල්ල මුදුනේ පිහිටා තිබේ. මෙහි ඇත්තේ තට්ටු 27ක් වුව ද එය සාමාන්‍ය තට්ටු 45ක ගොඩනැඟිල්ලක උසින් යුතු බව පැවසේ. මෙහි එක් තට්ටුවක් සාමාන්‍ය ගොඩනැඟිල්ලක තිබෙන තට්ටුවක උස මෙන් දෙගුණයක උසින් යුතු වන බැවිනි.

මුකේෂ් අම්බානි මෙම නිවෙස ඉදිකර ඇත්තේ 2010 වසරේය. එය අමුතුම ආකාරයක සැලසුමකට අනුව ඉදිකර තිබෙන්නේ මෙවැනි පහසුකම් රාශියක එකතුවක් ලෙසිනි.





Image result for mukesh ambani house

සනත් වික්‍රමගේ
මව්බිම

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top