Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 20
972
Views
ආශ්‍රමයක්‌ තුළ සිදුවන කාන්තා ලිංගික අපචාර හෙළි කළ පුවත්පත් කතුවරයකු මරා දැමූ ඉන්දීය පූජකයකුට ඉන්දීය හර්යානා ප්‍රාන්ත අධිකරණය විසින් ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලබාදී තිබේ.
 
 මෙසේ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් හිමි වූයේ ගුරුමීත් රාම් රහීම් සිං නමැති පනස්‌ එක්‌ හැවිරිදි පූජකයෙකුටය.
 
 ඔහු දැනටමත් තම ආශ්‍රමයට පැමිණි කාන්තාවන් දෙදෙනකු දූෂණය කළ වරදට විසි අවුරුදු සිරදඬුවම් විඳිමින් සිටින්නෙකි.
 
 මෙම ඝාතනයට සම්බන්ධ තවත් තිදෙනෙකුට ජිවිතාන්තය දක්‌වා සිර දඬුවම් හිමිවිය. මොවුන් තිදෙනා ගුරුමිත් රාම් රහීම් සිංගේ සේවකයන්ය.
 
 මොවුන් සියලු දෙනාට ඉන්දීය රුපියල් පනස්‌ දහස බැගින් දඩ ද නියම කර තිබේ.
 
 මොවුන් විසින් ඝාතනය කරන ලද්දේ රාම් චන්දර් චත්‍රපති නමැති පුවත්පත් කතුවරයෙකි. ඔහුගේ zzපුරා සච්ZZ නමැති හින්දි පුවත්පත මගින් මෙම පූජකයාගේ ස්‌ත්‍රී දූෂණ හෙළිදරව් කරන ලදී.
 
 ඔහු එය හෙළිදරව් කර දින පහකට පසුව ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී.
 
 ඔහුගේ ඝාතනයෙන් පසුව ඔහුගේ පුත් අත්ශුල් විසින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හෙළිදරව් කරන ලදී.
 
 අධිකරණ තීන්දුවෙන් පසු අත්ශුල් පැවසූවේ තම පියා ඝාතනය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top