Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 19
1,103
Views

2019 වසරේ බ්‍රිතාන්‍ය වැසියන් අතර ඇතිවිය හැකි ආහාර ප්‍රවණතා අතර පළමු වැනි ස්ථානයට ශ්‍රී ලාංකේය ආහාර පත්ව තිබේ.

BBC Good Food වෙබ් අඩවිය විසින් කරනලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු ආනාවරණය වී ඇත.

එම වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවට ආවේණික ආහාරවලට එංගලන්තයේ ඇති වී තිබෙන ඉල්ලුම නිසා 2019 වසරේ පෙරළිකාර ආහාර අතර ශ්‍රී ලාංකේය ආහාර පෙරමුණ ගනු ඇති බවයි.

මේ ආකාරයෙන් වැඩි ජනප්‍රියත්වයක් ලබා ඇති ශ්‍රී ලාංකේය ආහාර අතරට ආප්ප, කොත්තු සහ පොල් සම්බෝල වැනි ආහාර ද්‍රව්‍ය ඉදිරියට පැමිණ ඇත.

එමෙන්ම, මෙවැනි ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන රැසක් ලන්ඩන් නගරය කේන්ද්‍ර කරමින් පවතින බවද සඳහන් වෙයි.

මෙම සමීක්ෂණය අනුව 2019 ආහාර ප්‍රවණතා අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ බුරුම ආහාර වර්ගයි. මේ අතර, මාංශ ආහාරවලට වඩා ඉදිරියේදී නිර්මාංශ ආහාරවලට බ්‍රිතාන්‍ය වැසියන් නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවද එහි සඳහන් වෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top