Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 17
613
Views
කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන එහි කොටස් ගලවා අඩු මිලට විකිණූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වාහන 9ක් සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
 
එම වාහන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව ද පොලිසිය පවසයි.
 
ඔවුන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට මෝටර් රථ ලබාදෙන ආයතනවලින් මාසික කුලී පදනම මත හා ඇටෝර්නි බලපත්‍ර මත මෙම වාහන ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
 
වාහනවල අමතර කොටස්වලට අමතරව වායු බැලූනයක් ද ගලවා අඩු මුදලකට විකුණා ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top