Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 January 17
නෘත්‍ය විශාරද තිළිණි රංගිකා ප්රමුඛ කතක් ඩාන්ස් ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පවත්වන කතක් ප්‍රසංගය ජනවාරි මස 18 වැනි සිකුරාදා පස්වරු 6.00ට ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ඇතුල්වීම නොමිලේ.
මෙම ප්‍රසංගයට ශාස්ත්‍රීය, සරල ශාස්ත්‍රීය සහ නව නිර්මාණ රැගත් නර්තනාංග ඇතුළත් වේ.
කතක් ඩාන්ස් ඇකඩමියේ නර්තනාචාරිනී නෘත්‍ය විශාරද තිළි‚ රංගිකා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රාසංගික කලා උපාධියද, එම් ඒ උපාධියද හදාරා ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇත.
ඇය සිසු දරු දැරියන් හා කතක් නර්තනය හැදෑරීමට කැමති අයට ගුරුහරුකම් ලබා දෙන්නී වසර හතක පමණ සිට ය.
Top