දෙවැනි ලෝක යුද්ධ සමයෙන් පසු, එනම් වසර 80කට පසු ඕස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණුම උෂ්ණත්ව වැඩි වීමට ඔවුන් මුහුණ දී සිටිනවා.
නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නගරයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 41 ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඕස්ට්‍රේලියාව අවසන් වරට මෙවැනි දරුණු උෂ්ණත්ව වැඩිවීමකට මුහුණ දුන්නේ දෙවැනි ලෝකය යුද්ධය ආරම්භ වූ 1939 වසරේදීයි.
මෙම දරුණු උෂ්ණත්ව වැඩිවීම හේතුවෙන් නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ වෙළඳසැල්වල අයිස් මිශ්‍ර කෑම වර්ග සහ අයිස් නිෂ්පාදන අලෙවිය නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
නිව්සවුත්වේල්ස් වෛද්‍ය බලධාරින් අනතුරු අඟවමින් ජනතාවට දැනුම් දුන්නේ, අධික උෂ්ණත්වය සහිත මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් ලෙඩ රෝග හා මරණ පවා ඇතිවිය හැකි බවයි.
මේ නිසා දහවල් කාලයේදී අව්ව සහිත එළිමහන් ස්ථානවල රැඳී සිටීම සහ ක්‍රීඩාවේ යෙදීමෙන් වළකින ලෙස ඔවුන් මහජනතාවට දන්වනවා.
මේ උෂ්ණත්ව වැඩිවීමත් සමඟ ජනතාව එරට මුහුදු වෙරළබඩ සහ ජලතටාකවල රැඳී සිටීම බොහෝ සෙයින් වැඩිවී ඇති බවයි, වාර්තා වන්නේ.