Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 15
1,084
Views

සෝනාම් කපූර් පසුගිය මැයි මාසයේදී ආනන්ද් අහුජා හා අතිනත ගත්තේ උත්කර්ෂවත් මංගල උත්සවයකින් පසුවය. විවාහයට පෙර ඔවුන් දෙදෙනා නොයෙකුත් තැන්වල එකට දකින්නට ලැබුණේ වී නමුත් දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳ වැඩි විස්තර මාධ්‍යවලට පැවසුවේ නැත. එහෙත් විවාහයෙන් අනතුරුව නම් ඔවුහු යනඑන හැම තැනකදීම ගන්නා ලද ඡායාරූප සමාජ වෙබ් අඩවි හරහා ලෝකයට දැක ගන්නට සැලැස්වූහ. ඔවුන් දෙදෙනා යුග ජිවිතය ගෙවන්නේ මොන තරම් පී‍්‍රතියෙන්දැයි ලෝකය දැන ගත්තේ ඒවා තුළිනි. ව්‍යාපාර කටයුතු නිසා බොහෝ වෙහෙස මහන්සි වී සිටියත් ආනන්ද් සිය බිරිඳ වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට පැකිළෙන්නේ නැත. ඇය රාත්‍රි කාලයේ චිත්‍රපටි රූගත කිරීම්වලට ගිය විට ආනන්ද් ද ඇය හා ගොස් ඒවා නරඹන අවස්ථා තිබේ.

නව වසර සමරන්නට ඔවුන් දෙදෙනා පවුල්වල ඥාතීනුත් සමග ගියේ බාලි දුපතටය. එහිදී ගන්නා ලද සුන්දර ඡායාරූප ගණනාවක්ම අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබුණේය. ඔවුන් දෙදෙනාගේ පින්තූර මෙන්ම පවුලේ සමූහ ඡායාරූප ද මේ අතර තිබිණි. පසු ගියදා සෝනාම් සහ අහුජා ලන්ඩනයේ ඔවුන් ගේ නව නිවසේ පදිංචියට ගියහ. එහිදී ඔවුන් බිම නිදාගෙන සිටින ඡායාරූපයක් සමාජ ජාලා වෙබ් අඩවියක දකින්නට හැකි වූයේය. එය එහි පළ කර තිබුණේ සෝනාම් විසිනි.

‘‘අපේ ඇඳන් තවම අපිට ලැබුණෙ නෑ.. ඒ හින්දා බිම නිදා ගන්න සිදු වුණා..’’ ඇය එහි සටහන් කර තිබිණි.

ඇය අවදියෙන් සිට ඡායාරූප ගනිමින් සිටියදී ආනන්ද් අහුජා නම් සිටියේ හොඳටම නිදාගෙනය. ඔහුට කොහේ වුණත් හොඳින් නින්ද යන බැව් එයින් පෙනෙන්නේයයි ඡායාරූපයට ප්‍රතිචාර දැක්වූ අයෙක් සටහන් කර තිබිණි.

සෝනාම් සිය පියා අනිල් කපූර් සමඟ රඟ පාන චිත්‍රපටිය ඒක් ලඞ්කී කෝ දේඛා තෝ ඈසා ලගා හි නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබේ. මෙම චිත්‍රපටියේ රාජ් කුමාර් රා ඕ සහ ජූහි චව්ලා ද රග පාති.






















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top